කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
මෙහි වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.
මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බවත් එම පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර විශ්‍රාමික මේජර් නිලන්ත කපුරුබණ්ඩාර මහතා පැවසීය.
මේ අතර මෙම වෙළඳ මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් කිහිප දෙනෙකු තිහාරිය ප්‍රදේශයේ පදිංචි කරුවන්වවීම මත අද (5) තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකට පී.සී.ආර් පරීක්ෂණය සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා කීය
lankadepa
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…