ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ.
ඉන් අනතුරුව ඒම පිරිස අමතමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවැතිණ. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අතීතයේ දී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණ ද වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක් බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. නීතියේ ප්‍රමාදයන් නිරන්තර ගැටළුවලට පාදක වූ හේතු අතරින් එකකි.
“යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි” යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණ ධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සදහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව පැවසීය. යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්‍රගමනයට ද අතිශය වැදගත්ය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.
ශක්තිමත්, කාර්යක්ෂම සහ ස්වාධීන යුක්තිය පසිඳලීමේ පද්ධතියක ඇති වැදගත්කම රජය මනාව අවබෝධකරගෙන සිටී. එහි ධාරිතාව ඉහල නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද ගැඹුරින් වටහගෙන ඇත.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමටනම් එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්තවිය යුතු බව ද ජනාධිපතිතුමා විසින් සදහන් කරනු ලැබිණ.අගවිනිසුරු ජයන්ත සී. ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,
01- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
02- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
03-ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
04-ජනක් ද සිල්වා මහතා
05- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
06-මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා දිවුරුම් දුන්හ.
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය.
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ,
01- මේනකා විජේසුන්දර මහත්මිය
02- ඩී.එන්. සමරකෝන් මහතා
03-එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
04-එම්.ටී.එම්. ලෆාර් මහතා
05- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
06-සම්පත් බී. අභයකොන් මහතා
07- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
08-එස්.යූ.බී. කරලියද්ද මහතා
09-ආර්. ගුරුසිංහ මහතා
10- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
11- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
12- මායාදුන්න කොරයා මහතා
13- ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
14- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා
දිනමිණ
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…