එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම එළෙඹන 13 වනදා සිට පුහුණු කදවුරකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ක්‍රීඩකයින් 22 දෙනෙකු එක්වන මෙම පුහුණු කදවුර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දින 10ක් පැවැත්වීමට නියමිතයි.
ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කදවුර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
පුහුණු කදවුර අවසන් වීමෙන් පසුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් හම්බන්තොට දක්වා ද, සෙසු ක්‍රීඩකයින් කොළඹ බලා ද ලබන 22 වනදා පිටත්ව යනු ඇති.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දෙසැම්බර් 17 වනදා, එනම් එල්.පී.එල් තරගාවලිය අවසන් වීමෙන් දිනකට පසුව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහායි.
දකුණු අප්‍රිකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන පසුගිය 27 වනදා එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව සාම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වනදා ආරම්භ වන්නේ සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී යි.
දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන වසරේ ජනවාරි 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා සිට 22 වනදා දක්වා තෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…