විශේෂාංග

කොරෝනා රෝගීන්ගෙන් අඩකටත් වඩා ලේ කැටි ගැහෙනවා..! මරණ වලට අලුත්ම හේතු සොයා ගැනේ..!

කොවිඩ්-19 අතුරු ආබාධ අතරට රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව වැඩිවීම ද එක් ව තිබෙන බව Science Translational සඟරාවේ නොවැම්බර් 2 දින ලිපියකින් පෙන්වා දී ඇත.

එය සිදු වන්නේ, මෙම රෝගීන්ගේ සිරුරුවල ඔවුන්ගේ ම පටකවලට එරෙහි ව ඇති වන ස්වයං ප්‍රතිදේහ වර්ගයක් නිසා බව අනුමාන කෙරේ. එම රෝගීන්ගෙන් අඩකටත් වැඩි පිරිසකගෙන් මෙම ස්වයං ප්‍රතිදේහ සොයාගෙන තිබෙන අතර, Antiphospolipida antibodies (APS) නමින් හඳුන්වන මෙම ප්‍රතිදේහ ඉන් පෙර දක්නට ලැබී තිබුණේ, ‘ඇන්ටි පොස්පොලිපිඩ සින්ඩ්‍රොම්’ නමැති, කෙනෙකුගේ සෛලවලට එරෙහි ප්‍රතිදේහ ඔහුගේ ශරීරය තුළ ම නිපදවෙන Autoimmune ගැටළු ඇති කරවන රෝගී තත්වයන්වල දී ය. පෙර දී, මෙම APS තත්වය දක්නට ලැබී ඇත්තේ 2000 කට එකක් ලෙස වන අතර, එහි දී දක්නට ලැබී ඇත්තේ, රුධිර නාලිකා අවහිර කරමින් ලේ කැටි ගැසීම් සිදුව තිබුණ බව ය.

Michigan Medicine Frankle Cardio-vascular Center හි වෛද්‍ය යෝගේන් කන්ති පවසන්නේ, මෙම තත්වය ඒ වන විටත් අසාධ්‍ය ව සිටින රෝගීන් ඉතාමත් අපහසු අඩියකට ඇද දමන බවයි. පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන පරිදි, කොවිඩ්-19 රෝගීන් 172 ක් සහභාගි කරවාගත් නියැදියක දී, 52%ගේ ම සිරුරු තුළ එකී ස්වයං ප්‍රතිදේහ වර්ගය හමුවී ඇති අතර, ඒවා මීයන්ට එන්නත් කර කෙරුණු පරීක්ෂණවල දී එම සතුන් රුධිරය කැටි ගැසීම් තත්වයන්ට ලක් වී තිබේ. මෙම ප්‍රතිදේහ වර්ගය නිෂ්පාදනය වීමට මුල්වන හේතුව තවමත් සොයාගෙන නොමැති අතර, අනුමාන කෙරෙන්නේ ආරය සහ පරිසරයේ පැවති වෛරසයන්ට නිරාවරණය වීම නිසා එම තත්වය ඇති විය හැකි බව ය.

තවත් විශේෂ සොයා ගැනීමක් වී ඇත්තේ, රුධිර ගතවන විෂබීජ අල්ලා ගැනීමට සුදු රුධිරාණු මගින් නිපදවන දැලක් වැනි ව්‍යූහය ද එකී ස්වයං ප්‍රතිදේහ නිපදවන්නන්ගේ සිරුරුවල වැඩි වී තිබුණ බවයි. කොවිඩ්-19 රෝගීන්ගේ ලේ කැටි ගැසීමට මෙම කාරණා දෙක ම ඉවහල් වනු ඇති බවට අනුමාන කෙරේ. මෙ නිසා, කොවිඩ්-19 රෝගීන්ට ලේ කැටි ගැසීම වළක්වන බෙහෙත් ලබා දීම දැනට සිදු කරයි. ඊට අමතර ව, රුධිරගත ප්ලාස්මාව පෙරා නැවත ලබා දීම (plasmapheresis) ද කෙරේ. කොවිඩ්-19 වැළඳී සුව වූවන්ගේ ප්ලස්මාව අලුතින් හඳුනා ගැනෙන රෝගීන්ට ලබා දීම ගැන ද අවධානය යොමු ව ඇත. රෝගය සුව වූ පසු,

කෙතරම් කලක් මෙම ස්වයං ප්‍රතිදේහවල ක්‍රියාකාරිත්වය පවතිනු ඇත් ද යන්න පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ කෙරෙමින් පවතියි

.-2020 නොවැම්බර 02 දින Live Science සඟරාවේ පළවූ Possible cause of COVID-19 blood clots found ලිපිය ලංකා ඊ නිවුස් වෙනුවෙන් සැකසුවේ -කුඩගම්මන සීලරතන හිමි

Recent Posts

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…

2 hours ago

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළට – ජල ක්‍රීඩා සහ නාවික කටයුතු තාවකාලිකව නවතයි

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…

19 hours ago

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

2 days ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

4 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

4 days ago