කොවිඩ් – 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පවතින සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක් ඒ ඒ ආයතනවලට ගැළපෙන පරිදි සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව වයිරසය පාලනයට උපදෙස් ලබා දීම මෙම චක්‍රලේඛවලින් සිදු කර ඇති අතර, එම චක්‍රලේඛයන්ට අනුගතව කටයුතු නොකරන ආයතනවලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම චක්‍රලේඛ සම්බන්ධයෙන් කරුණු දැනුවත් විය හැකිය.
කොවිඩ් – 19 වයිරසය වළක්වා ගත හැකි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම වසර දෙක තුනක් තිස්සේ වුවත් ජනතාවට පිළිපැදීමට සිදු වනු ඇති බවත් තමතමන් ප්‍රවේශම් වීම මෙම වයිරසයෙන් වැළකී සිටීමට හැකි එකම මඟ බවත් ඒ මහතා කීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඇමෙරිකාව වැනි දියුණු රටවල ජනතාව අතර පැතිර යන කොවිඩ් පාලනය සම්බන්ධයෙන් වගකීම මහජනතාව වෙත පවරා තිබුණ ද, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොපැවතීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවයි.
Dinamia http://dinamina.lk/
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…