Thursday, June 4, 2026
Homeදේශීයකොරෝනාවෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක්

කොරෝනාවෙන් බේරෙන්න සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක්

කොවිඩ් – 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා පවතින සෞඛ්‍ය උපදෙස් චක්‍රලේඛ 56ක් ඒ ඒ ආයතනවලට ගැළපෙන පරිදි සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව වයිරසය පාලනයට උපදෙස් ලබා දීම මෙම චක්‍රලේඛවලින් සිදු කර ඇති අතර, එම චක්‍රලේඛයන්ට අනුගතව කටයුතු නොකරන ආයතනවලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම චක්‍රලේඛ සම්බන්ධයෙන් කරුණු දැනුවත් විය හැකිය.

කොවිඩ් – 19 වයිරසය වළක්වා ගත හැකි සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කිරීම වසර දෙක තුනක් තිස්සේ වුවත් ජනතාවට පිළිපැදීමට සිදු වනු ඇති බවත් තමතමන් ප්‍රවේශම් වීම මෙම වයිරසයෙන් වැළකී සිටීමට හැකි එකම මඟ බවත් ඒ මහතා කීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඇමෙරිකාව වැනි දියුණු රටවල ජනතාව අතර පැතිර යන කොවිඩ් පාලනය සම්බන්ධයෙන් වගකීම මහජනතාව වෙත පවරා තිබුණ ද, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොපැවතීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවයි.

Dinamia http://dinamina.lk/

READ:   මේ වස්සාන කාලයයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්