Friday, April 17, 2026
Homeදේශීයලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක් - රජය

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක් – රජය

ලොකු ලූනු කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට මිල දී ගැනීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලොකු ලූනු මිල දී ගැනීමට පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ දිනවල ලූනු අස්වැන්න තොග වැඩි වශයෙන් ගබඩා කරගෙන ‍වෙළෙඳපොළට නිකුත් කිරීමට ගොවීහු බලාපොරොත්තුවෙන් සිටියහ. පිටරටින් ගෙන්වන ලූනු සඳහා අය කළ ආනයනික විශේෂ බද්ද ඉවත් කිරීම නිසා දේශීය ගොවියාට සිදුවූ එම පීඩාවන් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සමනය කිරීමේ අරමුණින් රජය ටින් මාළු, ලොකු ලූනු, පරිප්පු සඳහා අය කළ විශේෂ බද්ද ඉවත් කිරීමට තීරණය කරන ලදි. එම තීරණයත් සමඟ ලොකු ලූනු ගොවිතැනෙහි නියැළී සිටි ගොවි ජනතාවට සිදුවූ අපහසුතාවය වළකාලීමේ අරමුණින් රජය මේ අන්දමින් සහතික මිලක් යටතේ එම අස්වනු මිලදී ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

READ:   කිරුළ අරන් අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්