මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක්.
ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිටින විට මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ මහනුවර පදිංචි පුද්ගලයෙක් සහ කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්.


