Thursday, June 4, 2026
Homeදේශීයමාධ්‍යවේදියෙකුටත් කොරෝනා?

මාධ්‍යවේදියෙකුටත් කොරෝනා?

නව කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.  

මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේවන විට සෞඛ්‍ය අංශ වෙත ලබාදී තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වලට වී රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

දිනමිණ

READ:   අද සුළං සමඟ තද වැසි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්