ලෝක ළමා දිනය සමරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ දිස්ති‍්‍රක්ක පහක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කළා.
ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම උත්සවයේදී පුත්තලම, ලූණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොලොස්බාගේ කනිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ‍්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල පිලාන විiාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණි.
ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලූත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබෙනවා.
අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්නවේ.
මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග‍්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ.
ලංකා ගමනාගමන මණ්ඩලය, ශී‍්‍ර ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග‍්‍රාහකත්වය සපයයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ප‍්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග‍්‍රන්ථ ද පුස්තකාල වෙත භාරදෙනු ලැබිණා.


