මනස විද්‍යාත්මකව විග්‍රහ කිරීම සරළව මනෝ විද්‍යාව ලෙස අර්ථ දැක්විය හැකිය.
මනස සහ මොළය,
මනෝවිද්‍යාව තුලින් අපගේ සිත අපගේ හැසිරීම් සහ සමාජ සම්බන්ධතා විස්තර කරනු ලබයි.
පුරාණ මනෝ විද්‍යාව මූලික වශයෙන් වෙන්වූයේ මිනිස් අත්දැකීම් සහ හැසිරීම් විස්තර කිරීම සඳහාය. වසර 1980 සිට මනෝවිද්‍යාව මගින් සිහිය, මොළය සහ ස්නායු පද්ධතිය අතර පවත්නා සම්බන්ධතාවය ගවේෂණයට පෙළඹි ඇත.
විඥානය මගින් මොළයේ පවත්නා තත්වය හෝ මොළයේ පවත්නා තත්ව මගින් විඥානය තීරණය කරයි ද යන්න තවමත් පැහැදිලි නැත. නැතහොත් විඥානය යනු ද ස්නායු පද්ධතිය සමග සම්බන්ධතාවයක් නොමැති සංකීර්ණ අවස්ථාවක් ද?
මෙය පැහැදිලි කරගැනීම සඳහා විඥානය හා මොළයේ ක්‍රියාකාරිත්වය අර්ථ දැක්වීම අත්‍යවශ්‍ය වේ.
ප්‍රායෝගිකව ගත්කළ විශේෂයෙන්ම කෘත්‍රීම බුද්ධිය, ස්නායු මනෝවිද්‍යාව සහ ප්‍රජානන ස්නායු මනෝ විද්‍යාව යන අවස්ථාවල මෙය වැඩි වශයෙන් යොදා ගෙන ඇත.
සිතුවිලි සමූහය,
මිනිස් හැසිරීම බහුතරයක් විස්තර කිරීම සඳහා උපකාරක වශයෙන් යොදා ගත හැකි විවිධාකාර වූ ආකෘති වශයෙන් සිතුවිලි සමුදායක විස්තර කර ඇත. මේවායේ ප්‍රසිද්ධිය කාලය සමග නැති වී යයි. සමහර මනෝ විද්‍යාඥයින් ඇතැම් සිතුවිලිවලට අනුබද්ධ වූ පසු අනෙක් ඒවා ප්‍රතික්ෂේප කර දමති. නමුත් බොහෝ දෙනා මේවා මනස අවබෝධකර ගැනීම සඳහා උපකාර කරගත්තද මෙම සිද්ධාන්ත එකිනෙකට පොදු ඒවා නොවේ.
මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය , වර්තමානයේදී මනෝවිද්‍යාවේ සෛද්ධාන්තිකමය හා ප්‍රායෝගිකමය වශයෙන් යොදා ගැනීම බහුල වී තිබේ.
විද්‍යාත්මක මනෝවිද්‍යාවේ ආරම්භය,
මනෝ විද්‍යාව ස්වාධීන පර්යේෂණ විෂයක් ලෙස අධ්‍යයනයන් ආරම්භ වූයේ 1879 වුව ද මනෝ විද්‍යාත්මක පර්යේෂණ 1021 “Alhazna’s” දෘෂ්ටි ශාස්ත්‍ර පොත්වල ද විග්‍රහ කර ඇත.
මනෝ විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Wilhem Wandit මනෝ විද්‍යා පර්යේෂණයන් සඳහා වෙනම පර්යේෂණාගාරය ජර්මනියේ Leipzig විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කරන ලදී. එමනිසා 1879 වසර මනෝ විද්‍යාවේ උපන් දිනය ලෙස ද සැලකේ.
ඇමරිකානු ජාතික දර්ශනවාදියෙකු වන Wiliam James විසින් මුද්‍රණය කරන ලද මනෝ විද්‍යාවේ මූලධර්ම නම් ග්‍රන්ථය මනෝ විද්‍යා පැන නැඟිය හැකි ගැටළු සඳහා මනා අඩිතාලමක් විය.
මෙයට අමතරව මතයක පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනයේ මූලාරම්භකයෙක් වන Hermann Ebbinghans (1850 – 1909) සහ ඉගෙනීම පිළිබඳ අධ්‍යයනය කරන රුසියානු ජාතික මනෝ විද්‍යාඥ Ivan Pavlov (1849 – 1936) විද්‍යාත්මක මනෝ විද්‍යාව සඳහා හොඳ දායකත්වයක් ලබා දුන්නා.
මේ අතරතුර 1896 දී ස්නායු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලද ඕස්ට්‍රේලියානු ජාතික සිග්මන්ඩ් ප්‍රොයිඩ් මනෝ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මනෝ විශ්ලේෂණය ඉදිරිපත් කරන ලදී. නමුදු මොහුට පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රමානුකූල පුහුණුවක් නොතිබිණි. මොහුගේ මෙම අවබෝධයන් බොහෝ දුරට රඳා පැවතුනේ තේරුම් ගැනීමේ ක්‍රම , ආත්ම පරීක්ෂාව හා රෝග විනිශ්චය මතය. මොහු මූලිකව අවධානය යොමු කරන ලද්දේ සිහිබුද්ධියෙන් (අනුදැනුමෙන්) තොරව ඇතිවන ගැටුම් නිරාකරණයට සහ මානසික පීඩා සහ මානසික ව්‍යාධි විද්‍යාව සඳහා වෙයි.
මොහු මනෝ විද්‍යාවේ වර්ධනයේ සාමාන්‍ය අංග ලෙස ලිංගිකත්වය, යටපත් කිරීම, අචේතනික මනස වැනි අංගයන් යොදා ගැනීම ඔහුගේ සිද්ධාන්ත ඉතා ප්‍රසිද්ධියට පත් වීමට හේතු විණි. එම කාලය වන විට තහනම් අංග ලෙස සැලකූ අතර ඒවා ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම සඳහා ප්‍රොයිඩ් විසින් උත්ප්‍රේරක සපයනු ලැබීය, නමුත් “කාල් පොපර්” විසින් ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ සිද්ධාන්ත පරීක්ෂා කළ නොහැකි ස්වභාවය යුක්ත බවට තර්ක කරන ලදී.
ප්‍රොයිඩ්ගේ මෙම සිද්ධාන්ත නූතන මනෝ විද්‍යා අධ්‍යාපන ආයතන සදහා ප්‍රයෝජනයක් නොමැති තරම්ය. එහෙත් ප්‍රොයිඩ්ගේ මතයන් අනුමත කරන නමුත් ඔහුගේ මනෝ විෂ්ලේශනාත්මක සිද්ධාන්ත යම් තරම් දුරට වෙනස් කරන ඔහුගේ අනුගාමිකයින් නව – ප්‍රෝයිඩ්වරු ලෙස හැදින්වේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…