Tuesday, April 21, 2026
Homeදේශීයකොරෝනා හේතුවෙන් රාජාංගනයේ පාසලක් වසා දමයි.

කොරෝනා හේතුවෙන් රාජාංගනයේ පාසලක් වසා දමයි.

කොරෝනා තත්ත්වය හේතුකොටගෙන රාජාංගනයේ පාසලක් සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ඊයෙ සවස රාජාංගන ප්‍රදේශයෙන්හ කොරෝනා රෝගියෙකු හදුනාගෙන ඇති අතර ඔහු යාය 5 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක පමණ සිසුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු දිනන 3ක් රාජාංගන යාය 5 නවෝද්‍යා මහා විද්‍යාලයට ඉගෙනීම් කටයුතු සඳහා පැමිණ ඇතිි බවට තොරතුරු අනාවරණය වීමත් සමග පාසල සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ඔහු අධ්‍යාපන ලැබූ පන්තියේ සිසුන් 32 ඇතුළුව පාසල් ළමුන් 47 ක් සහ ගුරුවරුන් 7 දෙනෙකු නිරෝදානයට ලක් කර ඇති බව සදහන්.

මෙම ආසාදිතයා රාජාංගන ප්‍රදේශයේ හඳුනා ගත් පළමු ආසාදිතයාගේ ආශ්‍රිතයෙක් බව මේ වන විට තහවුරු කරගෙන ඇති අතර මෙම ආසාදිතයා සමීපයෙන්ම ඇසුරු කළ අය නිරෝධායනය ලක්කිරීම රාජාංගන මහජන පරීක්ෂකවරුන් විසින් අද දින සිදු කරනු ලැබුවා

READ:   උදයංග වීරතුංග CID යට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්