Friday, April 18, 2025
Homeදේශීයමහජනයා හරි මතයට ගන්න විදිය - Victor Ivan /System Change Episode 01

මහජනයා හරි මතයට ගන්න විදිය – Victor Ivan /System Change Episode 01

ලංකාවේ ක්‍රියාත්මක වන දුශ්ඨ දුශිත මේ ක්‍රමය වෙනස් කරන්න ලංකාවේ මිනිස්සුන්ට අවබෝධයක් නැහැ.මොකද ඡන්ද පෙට්ටියට ගිහින් ඡන්දේ දවසේ ඡන්දේ දීලා මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මුහුණු මාරු වෙලා පරණ ක්‍රමයම තමයි ලැබෙන්නේ. ‘

‘සාමාණ්‍යයෙන් රාජ්‍යක් ගොඩ නගන්නේ නැහැ අවුරුදු 60කට. රාජ්‍යක් ගොඩ නගන්නේ සියවස් ගණනාවකට.නමුත් රාජ්‍යක් මෝඩ පිරිසක් අතට පත් වුණාම එහි දීර්ග කාලීන පැවැත්ම අහෝසි වෙනවා.’
ආණ්ඩු ක්‍රම ගොඩ නැගීම සදහා අද මහජනතාවට දොරටු විවෘත්ත කළ යුතුයි කියන එක අද ජාත්‍යන්තර නීතියෙන් සහ එක්ස්ත ජාතින්ගේ සංවිධානය පිලිගත් දෙයක්.ඒ් අයිතිය අපිටත් අයිතියි.නමුත් මේ වගේ සංකල්ප ලංකාවේ දන්නේ නැහැ.ලංකාව ඉගෙන ගත යුතුව තිබෙනවා.’

‘නමුත් ඉතාම නූගත් රටවල් පවා රාජ්‍ය ගොඩ නැගීම සදහා මහජනයා සම්බන්ධ කරගත්තාම ලැබෙන ප්‍රථිඵල නුගත් ප්‍රථිඵල නොවෙයි.ඉතාම දියුණු ප්‍රථීඵල ලැබිලා තියෙන්නේ.‌මේ ගැන අධ්‍යනයන් විශාල ගණනාවක් කරලා තියෙනවා විශ්වවිද්‍යාල විසින්.’

මහජන ව්‍යාවස්ථාවක් සම්පාදනය වෙච්ච හැම රටකම සමාජයේ ආකල්පවල ලොකු දියුණුවක් ඇතිවෙලා තියෙන එක තමයි පොදු පිලිගැනීම. ‘

‘දැන් දකුණු අප්‍රිකාවේ ජනතාව 1994 වෙනකම් ඒගොල්ලෝ ජීවිතේට ඡන්දේ දීලා නැහැ.එහෙම ජනතාවක් තමයි දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව හැදුවේ.86%ක් ඉතාම නිවැරදි ලෙස ඡන්දය පාවිි කළා ඡන්දයෙදි.’

READ:   රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් දැන් නෑ - මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්