සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද (2020 ජුලි 15) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2020 ජුලි 15) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් පියල් ද සිල්වා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, පාසැල් ශිෂ්‍ය නායකයෙකු වශයෙන් සිය නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කර ඇති ඔහු පාසැල් ශිෂ්‍යභට අනුඛණ්ඩයේ සාමාජිකයෙක් ලෙසද හර්මන්ලූස් කුසලානය දෙවරක් දිනාගැනීමට සමත් වූ ශීෂ්‍යභට අනුඛණ්ඩය නියෝජනය කර ඇත. 1985 වර්ෂයේ 13 වන ශීෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිළධාරියෙකු වශයෙන් නාවික හමුදාවේ විධායක අංශයට එක් වූ ඔහු සිය මූලික පුහුණුව ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යපීඨයෙන් ලබා ගැනීමෙන් අනතුරුව, 1987 වර්ෂයේ ජනවාරි 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වී එතැන්සිට ක්‍රමාණුකූලව උසස්වීම් ලබමින් 2015 ජුලි 01 වන දින රියර් අද්මිරාල් නිලයට උසස් වන ලදි. වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අවි කටයුතු සහ මිසයිල පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදා යාත්‍රාවන්ට මිසයිල තාක්‍ෂණය හඳුන්වාදුන් පුරෝගාමි කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. එතුමන් සිය 35 වසරකට අධික නාවික දිවිය තුළදී විවිධ නෞකා හා යාත්‍රාවල මෙන්ම ආයතනවලද රාජකාරී සිදු කර ඇත.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලයෙන්, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් ව්ශ්ව විද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධි ත්‍රිත්වයකට හිමිකම් කියනු ලබයි. ඔහු එක්සත් රාජධානියේ ඒකාබද්ධ සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරමින් එහිදී ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන ඇත. තවද ඔහු ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙක් වන අතර, එම විද්‍යාලයෙන් ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යනය සම්බන්ධ දර්ශනපති උපාධිය ලබා ගෙන ඇත. එමෙන්ම ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හාවායි හි පිහිටි ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ ආසියාෆැසිපික් මධ්‍යස්තානයෙන් ත්‍රස්තවාදයට එරෙහි පූර්ණ ආරක්‍ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස හදාරා ඇත.
තවද, අතිගරු ජනාධිපති තුමන් විසින් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සතුරා ඉදිරියේ විදහා පෑ රනශූරත්වය වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් පිරිනමා ඇති අතර, ආදර්ශවත් විශිෂ්ඨ චරිතය සඳහා විශිෂ්ඨ සේවා විභූෂණයෙන් සහ උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. තවද මව්බිමේ නිදහස වෙනුවෙන් සක්‍රිය සේවයේ යෙදී සිටියදී සිදු වූ තුවාල හේතුවෙන් දේශපුත්‍ර පදක්කම සහ මව්බිමේ නිදහස වෙනුවෙන් සිදු කළ දායකත්වය සඳහා සේවා පදක්කම් ගණනාවකින් පිදුම් ලබා ඇති එතුමන් නාවික හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති වශයෙන් ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය උදෙසා විශාල දායකත්වයක් ලබා දී ඇත.
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…