Thursday, July 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුපිරි ජයක්

ඉන්දියාවේදී පැවැත්වෙන රෝඩ් සේෆ්ට් ලෝක ශූරතා තරඟාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 38 ක විශිෂ්ට ජයක් වාර්තා කළා.

ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකණු 213 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න දිල්ෂාන් ලකුණු 107ක් සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 94ක් ලබාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් ක්‍රිඩකයින්ට පන්දුවාර 18 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වුයේ,  ලකුණු 180 ක් පමණයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශේන් වොට්සන් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 4ක්, ජීවන් මෙන්ඩිස් කඩුලු දෙකක් ලබා ගත්තා.

READ:   BREAKING NEWS - ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමේ තීරණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්