Thursday, July 16, 2026
Homeදේශීයසතොසින් භාණ්ඩ වර්ග 7 ක් සඳහා මිල සහනයක්

සතොසින් භාණ්ඩ වර්ග 7 ක් සඳහා මිල සහනයක්

සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කරන්නේ.

මිල අඩුකළ භාණ්ඩ හා නව මිල ගණන් පහතින්,

සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185  දක්වා 
සුදු නාඩු කිලෝවක් – 198 සිට  194  දක්වා 

රතු පරිප්පු කිලෝවක් – 460 සිට  429 දක්වා 
සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා 
හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා

මිල ගණන් පහළ දමා තිබෙනවා.

මීට අමතරව  සුදුළුෑණු කිලෝවක් – 750 සිට 595 දක්වා සහ වටානා කිලෝවක් – 375 සිට 315 දක්වා ද මිල ගණන් පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

READ:   මහවැලි අධිකාරිය රුපියල් මිලියන 109,298 ක ලාභයක් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්