Wednesday, September 9, 2026
HomeදේශීයIMF සාකච්ඡා සඳහා සහය දක්වනවා - ඇමෙරිකානු තානාපති

IMF සාකච්ඡා සඳහා සහය දක්වනවා – ඇමෙරිකානු තානාපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදුකෙරෙන සාකච්ඡා සඳහා තවදුරටත් සහය දැක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා.

ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගීතාව වර්ධනය සඳහා ඇමෙරිකා – ශ්‍රී ලංකා කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ජූලි චන්ග් ටුවිටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.


මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි ඇය පෙන්වා දෙන්නේ.

READ:   එලිසබෙත් රැජනට අවසන් ගෞරව දක්වන පෝලිමේ පළමු තැන ශ්‍රී ලාංකික කාන්තාවකට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්