Thursday, July 23, 2026
Homeදේශීයකොළඹට විදුලියෙන් ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්

කොළඹට විදුලියෙන් ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්

ශ්‍රී ලංකාව තුළ කඩිනමින් විදුලියෙන් ධාවනය වන ත්‍රී රෝද රථ සහ බස් රථ ධාවනයට යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ UNDP ආයතන නියෝජිතයන් අතර පවත්වා තිබෙනවා.

මෙරට තුළ ධාවනය වන ලක්ෂ දහයකට අධික ත්‍රිරෝද රථ විදුලි බලය මගින් ධාවනය කිරීමට පරිවර්තනය කිරීම තුළින් ඉන්ධන අර්බුදයට පිළියමක් ඇති කිරීමත් කොළඹ නගරය තුළ විදුලියෙන් ධාවනය වන බස්රථ සේවාවක් ආරම්භ කිරීම සඳහාත් මෙම සාකච්ඡාවේ අවධානය ලක් කර තිබෙනවා.


අදාළ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් වෙන් කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

READ:   ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයින්ට දැඩි පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්