Sunday, September 20, 2026
Homeදේශීයවිදෙස්ගතව සිටි ලාංකිකයින් 263ක් දිවයිනට..

විදෙස්ගතව සිටි ලාංකිකයින් 263ක් දිවයිනට..

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 263දෙනෙකු අද දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේයවයට අයත් යූ.එල්. 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද දහවල් 1.05ට පමණ එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙලෙස දිවයිනට පැමිණී ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට නියමිතයි.

READ:   සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වෙන්නැයි බලකරන සත්‍යග්‍රහය දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්