Wednesday, July 22, 2026
Homeදේශීයමල්ශාලා හිමිකරුවෙකු ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්තඩංගුවට

මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්තඩංගුවට

මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 17 ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටියා.

මෙලෙස අත්තඩංගුවට පත්ව ඇත්තේ විතාරන්දෙණිය සහ තිස්සමහාරාම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 සහ 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

READ:   වැස්ස අද මි.මී. 100 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්