Friday, June 5, 2026
Homeදේශීයනොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක්

නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳ වැටීමක්

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පළමු ජනක යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුවී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

පළමු ජනන යන්ත්‍රයේ දෝෂය හඳුනාගැනීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලය කටයුතු කරමින් ඇති බවත් 2 වන ජනන යන්ත්‍රයේ නියමිත නඩත්තු කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

නොරොච්චෝල තුන්වන ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වන බවත් සැපයුම් කළමනාකරණය කිරීම සඳහා වෙස්ථි කොස්ථි බලාගාරය සහ සෙසු බලාගාරයන් භාවිත කරන බවයි ටුවිටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

READ:   මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් අභියාචනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්