Tuesday, September 8, 2026
HomeදේශීයQ.R වලින් පිට ඉන්ධන දුන්නොත් වැඩ වරදී

Q.R වලින් පිට ඉන්ධන දුන්නොත් වැඩ වරදී

Q R ජාතික ඉන්ධන අවසරපත්‍රයෙන් භාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සඳහා දැඩි පියවර ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. දැනටමත් එවැනි සිදවීම් පිළිබඳව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් එලෙස Q.R ක්‍රමයෙන් භාහිරව ඉන්ධන නිකුත් කිරිමක් සම්බන්ධව සාධාරණ කරුණු දැක්වීමකට ඉන්ධන හලක් අපොහොසත් වුවහොත් එම ඉන්ධන හල වෙත නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම සඳහා පියවර ගන්නා බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


දවස් දෙකකට වරක් එක් එක් පිරවුම්හල් මගින් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ලිඛිතව දැනුම්දීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

READ:   විදෙස්ගත ශ්‍රමිකයන්ට දෙන Duty Free සහනය ඉහළට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්