Tuesday, April 21, 2026
Homeදේශීයජපානයේ රැකියා වැඩි ප්‍රමාණයක් ලංකාවට

ජපානයේ රැකියා වැඩි ප්‍රමාණයක් ලංකාවට

ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ඒ සඳහා පාසල් මට්ටමින් ජපන් භාෂා ප්‍රවීණතාව සලසා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

මේ සඳහා වූ යෝජනාව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමි වූ බව, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (09) පැවසීය.

2017දී ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර අත්සන් තබා තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස විශේෂ කුසලතා සහිත අය සඳහා වන සහයෝගිතා ගිවිසුම අනුව ජපානයේ ක්ෂේත්‍ර 14ක රැකියා සඳහා අයැදුම් කිරීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට හිමිව ඇත. මේ ගිවිසුමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් අත්සන් තබා ඇති අතර එම රැකියා අවස්ථාවලින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගැනීමට හැකියාව ඇති බවට විදේශ රැකියා අමාත්‍යාංශය මඟින් තහවුරු කරගෙන තිබේ.

රන්මලී සෝමසිරි

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්