Monday, April 20, 2026
Homeදේශීයඉන්දියාවේ කොවිඩ් යළි හිස ඔසවයි

ඉන්දියාවේ කොවිඩ් යළි හිස ඔසවයි

ළොව පුරා නැවතත් සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වෛරසයට ඉන්දියාව නැවතවරක් ගොදුරු වෙමින් පවතිනවා. ගත වූ පැය විසි හතරක කාලය තුළ පමණක් නව ආසාදිතයන් 20,279 ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. එමෙන්ම එම කාලය තුළ දී කොවිඩ් ආසාදිත මරණ 47 ක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක හිස ඔසවමින් පැතිර යන කොවිඩ් වෛරසය නිසා මේ දක්වා ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි හතර හමාරක් වන බවත්, දැනට ප්‍රතිකාර ලබාගන්නා ආසාදිතයන් ගණන – ලක්ෂ එකහමාරකට ආසන්න වන බවත් , මෙතෙක් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මඟින් පෙන්වා දෙනවා.

READ:   බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉන්ධන නැව් පැමිණෙන දින ගැන ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්