Monday, September 14, 2026
Homeදේශීයදිවයින පුරා ඉන්ධන රැස් කළ පුද්ගලයන් 33 ක් අත්තඩංගුවට

දිවයින පුරා ඉන්ධන රැස් කළ පුද්ගලයන් 33 ක් අත්තඩංගුවට

නීති විරෝධී ඉන්ධන රැස්කිරීම් හසුකරගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් වැටලීම් 31 ක දී සැකකරුවන් 33 දෙනෙක් පොලිස් අත්තඩංගුවට පත්ව තිබෙනවා. මෙම වැටලීම් මඟින් පෙට්‍රල් ලීටර් – 1,110 ක් ඩිසල් ලීටර් – 1,441 ක් භූම්තෙල් ලීටර් – 9 ක් වශයෙන් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම පසුගිය දිනවල දී ඉන්ධන පොලිම් තුළ නොසන්සුන්කාරීව හැසුරුණු පුද්ගලයන් 10 දෙනෙකු ද අත්තඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටියා.

READ:   අවුරුදු කටේ දඹුල්ලේ එළවළු මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්