Wednesday, April 22, 2026
Homeදේශීයජනවරමක් සඳහා සියලු පාර්ශව එකතු විය යුතුයි

ජනවරමක් සඳහා සියලු පාර්ශව එකතු විය යුතුයි

පාර්ලිමේන්තු ජනවරමක් ලබාගැනීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට නම් පුරවැසියාගේ කැමැත්ත නියෝජනය වන පාලනයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කළ යුතු බව එතුමා පවසනවා. ඉකුත් 20 වන දා ජනාධිපතිවරයා තොරාගැනීමේ දී රනිල් වික්‍රමසිංහ හට මන්ත්‍රී ජන්ද 134 ක් ලැබුණු බවත් එහිදි සමඟි ජන බලවේගයේ මන්ත්‍රී වරුන් රහසිගතව රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජන්දය ලබා දී ඇති බවත් එතුමා පෙනවා දෙනවා. එසේ ජන්දය භාවිත කළ මන්ත්‍රී වරුන්ට ආණ්ඩුවේ අසුන් ගැනීමට ද නොහැකිව සිටින බවයි එතුමා පවසන්නේ. 27 වන දා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ දී හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධ ඡන්දය විමසීමක් සිදුවන අතර එහිදි රනිල් වික්‍රමසිංහට රහසිගතව ඡන්දය ලබා දුන් පිරිස එදින ඡන්ද විමසීමේ දී හදිසි නීතියට විරුද්දව අත ඔසවනු ඇතැයි එතුමා අවධාරණය කර සිටියා.

READ:   දැන් නිල වශයෙන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්