Thursday, April 30, 2026
Homeදේශීයජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්

ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා වරක් මෙසේ පවසන ලදි. “මම පොඩි කාලේ මගේ අම්මා අපි වෙනුවෙන් කෑම පිසුවා. එක් දිනයක ඇය බොහෝ වෙහෙස මහන්සි වී දිවාකල වැඩ කිරීමෙන් පසු රාත්‍රී ආහාරය පිළියෙළ කළා. අම්මා ‘සබ්සි’ නම් ව්‍යාංජනය සහ අධික ලෙස පුළුස්සා දැමූ රොටියක් මගේ තාත්තා ඉදිරිපිට තැබුවා. පිළිස්සුණු රොටිය කිසිවෙකු දුටුවා දැයි මම බලා සිටියෙමි. නමුත් තාත්තා ඔහුගේ රොටිය කිසිදු නුරුස්නා බවින් තොරව කමින් මගෙන් ඇහුවා මගේ පාසලේ දවස ගතවුනේ කොහොමද කියලා. එදින රාත්‍රියේ මා ඔහුට පැවසූ දේ මට මතක නැත, නමුත් මට මතකයි අම්මා පුළුස්සා දැමූ රොටී වෙනුවෙන් තාත්තාගෙන් සමාව ඉල්ලුවා.
ඔහු අම්මාට පැවසූ දේ මට කිසිදා අමතක නොවනු ඇත: “පැටියෝ, මම පිළිස්සුණු රොටී වලට කැමතියි.”

එදින රාත්‍රියේ නින්දට පෙර මම තාත්තාව සිප ගැනීමට ගියෙමි, සුභ රාත්‍රියක් පැතූ මම ඔහුගෙන් ඇසුවේ ඔහු රොටී පුළුස්සා කෑමට කැමතිදැයි කියායි. ඔහු මාව දෑතින් වැළඳ මෙසේ පැවසීය:
“ඔබේ අම්මා අද දින ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඇයට ඇත්තටම මහන්සියි. පිළිස්සුණු රොටී කිසි විටෙකත් කිසිවෙකුට රිදවන්නේ නැත, නමුත් රළු වදන් එසේ කරනවා! “
“ඔබ දන්නවද පුතා,ජීවිතයේ සර්ව සම්පූර්ණ දේවල් සහ සර්ව සම්පූර්ණ මිනිසුන් නැත “

මම හොඳම කෙනා නොවන අතර ජීවිතය පරිපූර්ණ නොවන බව පිළිගැනීමට මම ඉගෙන ගෙන ඇති අතර ඔබට සමීපතම හා ආදරණීය පුද්ගලයින්ද එසේ නොවේ.

“මම වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත් දෙය නම්: එකිනෙකාගේ වැරදි පිළිගැනීම සහ සබඳතාවයන් අඟය කිරීමට තෝරා ගැනීම අඟනේය යන්නයි”

READ:   පොලිසියට අලුතෙන් බල්ලෝ ගන්න යයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්