Saturday, May 2, 2026
Homeදේශීයසුදුසු අය සමග පමනක් ආශ්‍රය කරන්න

සුදුසු අය සමග පමනක් ආශ්‍රය කරන්න

දුව පලවෙනි පංතියේ සාමාර්තයක් සමග උපාධිය ලබා ගත් දවසේ තාත්තා දුවට කතා කරමින්
‘ඔයා මෙහෙම විශිෂ්ට ලෙස සමත් වුනු නිසා, මම ඔයාට දෙනවා මේ කාර් එක, හැබැයි මේක ගත්තෙ කාලෙකට පෙර. ඔයා පරණ කාර් විකුනන කඩේකට ගිහිල්ලා අහලා බලන්න මේක කීයක් වටිනව ද කියලා’
දුව කාර් එක පරන කාර් විකුනන තැනට ගිහිල්ලා ගාන අහලා ඇවිල්ලා කිව්වා
‘අපෝ මේක පරනයි, හොඳටම පාවිච්චි කරලා, ඩොලර් 1000 දෙන්නම්’ කියලා.
‘එහෙනම් දුව, ගිහිල්ලා අහන්න උගස් බඩු ගන්න තැනකින්, මේකට කීයක් ගන්න පුලුවන් ද කියලා’
දුව උගස් බඩු කඩේකට ගිහිල්ලා ඇවිල්ලා කියනවා
‘එයාලට දෙන්න පුලුවන් ඩොලර් 100 ලු, මොකද හරිම පරණ නිසා’.
‘හරි දුව, අපි යමු එහෙනම් ගමනක්’ කියා, තාත්තා දුව සමග කාර් සමාජයකට ගොස් කාර් එක පෙන්වූ විට එම සමාජයේ කිහිප දෙනෙක් ඩොලර් 100,000 වඩා ගෙවීමට කැමති වූයේ එය Nissan Skyline R34 රතයක්වූ නිසයි. එවිට,
දුව වැලඳගත් තාත්තා කිව්වේ
‘සුදුසු තැන්වල ඔයාගෙ හරි අගය ඔයාට ලැබේවි මේ කාර් එකට වගේම. ආශ්‍රයට නුසුදුසු අයට ඔයාගෙ අගයක් නොදැනේවී, තරහ නොගන්න – ඒ කියන්නේ ඒ ඔයාට සුදුසු තැනක් නෙවෙයි. ඒ තැන්වල මොහොතක්වත් නොරැඳෙන්න. ඒ නිසා නිතරම තමාට සුදුසු අය සමග පමනක් ආශ්‍රය කරන්න’.

READ:   ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්