මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1940 වසරේ පෙබරවාරි 02 දා කැලණිය බුත්ගමුව ප්‍රදේශයේ දී උපත ලැබූ ඒ මහතා මියයන විට 86 වන වියේ පසුවුණා.
1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන ආරම්භ කළ ටෙනිසන් පෙරේරා මහතා, “දුට්ඨගාමිණී නොමළ වගයි”,එකොළොස් ගිනි,සක්වළ දඩයම,සසර දිගන්තය වැනි බොහෝ විශිෂ්ට කෘති ගණනාවක් රචනා රචනා කළා.
ඒ මහතාගේ දේහය අප්‍රේල් 26 වන ඉරිදා පෙරවරු 9.00 සිට රාත්‍රි 10 දක්වාත්, අප්‍රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්‍රා පනාගොඩ (රෝයල්) අවමංගල්‍ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස) මහජන ගෞරවය සඳහා තැන්පත් කර තබනවා.
ටෙනිසන් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 27වන සඳුදා පස්වරු 4.00ට කොටිකාවත්ත පොදු සුසාන භූමි ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.


