Wednesday, September 9, 2026
Homeදේශීයනව ජනාධිපති විසි වන දා පත්කිරීමට නියමිතයි

නව ජනාධිපති විසි වන දා පත්කිරීමට නියමිතයි


     ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සඳහා නව ජනාධිපති වරයෙකු පත්කිරීම ලබන 20 වන දා සිදුකිරීමට  පැවැති සර්වපාක්ෂික හමුවේ දී තීරණය කර තිබෙනවා. එ අනුව හෙට 16 පාර්ලිමේන්තුව රැස් වන අතර ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් පැවතීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. ඉන්පසු එලබෙන 19 වන දා නාම යෝජනාවන් කැඳවීමෙන් අනතුරුව පසු දින ( 20 )  නව ජනාධිපති වරයෙක් පත් කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.


 ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල නිත්‍යානුකූලව මෙම කටයුත්ත සිදු කිරීම ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන්ගේ, ආරක්ෂක අංශ,  රාජ්‍ය සේවය ඇතුළු සියලූම දෙනාගේ සහයෝගය තමා අපේක්ෂා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.

READ:   දූශිත දේශපාලනයට එරෙහි අරගලය ප්‍රතිසංවිධානය විය යුතුයි - සරත් ෆොන්සේකා පවසයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්