Thursday, September 24, 2026
Homeදේශීයපොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ...

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක හැඳින්විය හැකි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මුළු රටම තනි පක්ෂයක් හෙවත් පැලවත්තේ පාලනයට නතු කර ගන්න මොවුන් උත්සාහ කරන බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය ජනබලයෙන් ජන සවියෙන් පරාජය කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගෙදර යවන බවත් මෙරට ප්‍රගතිය වෙනුවෙන් ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා එකතු වෙන සෑම ප්‍රජාතන්ත්‍රවාදී පිරිසුදු බලවේග සමඟ එකතු වන බවත් සමගි ජන බලවේගය යනු මෙරට ජනතාවට ඇති එකම විකල්පය හෙවත් විකල්ප ආණ්ඩුව බවත් සමගි ජන බලවේගයේ ගමන ශක්තිමත් කර, ජන බලයෙන් ජන සවියෙන් අනුර කුමාර දිසානායක රජය ජන බලයෙන් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

READ:   තිස්සගේ මවට හා බිරිඳට අපහස කරන්න එපා.. -රෝහිණී ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්