Monday, September 28, 2026
Homeදේශීයඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක්...

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය විය යුතු වුවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට බලශක්ති පිළිබඳ කතා කරන විට 100%ක් පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළත් බලයට පත්වූ විට පුනර්ජනනීය බලශක්තිය හීන කර ඉන්ධන හා තාප විදුලි බලාගාර මාෆියාවේ කොමිස්වලට යට වී ඇති බවත් මේ නිසා සුනිත්‍ය බලශක්තිය, සූර්ය බලශක්තිය සහමුලින්ම විනාශ මුඛය කරා ගෙන යන ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දිනක විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන උපයෝගීතා කොමිසමේ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඉතාම පැහැදිලිව නෙක්මීටරින් නෙක් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න අනීතික උපදෙසක් ලබා දී ඇති බවත් එවැනි උපදෙසක් ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයාට හැකියාවක් නොමැති බවත් එය කළ හැකි මහජන උපයෝගීතා කොමිසම මහජනතාව අතරට ගොස් තොරතුරු විමසීමෙන් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී සූර්ය බලශක්ති ක්⁣ෂේත්‍රයේ දැනට මතුවී ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ශ්වකරුවන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.

අද වන විට විවිධ කරුණු කාරණා ඉදිරිපත් කර සූර්ය බලශක්තිය විනාශ කරන්නට කටයුතු කරන බවත් දවල්ට ලාභ ලබන වෙලාවේ ලබා දී රෑට ගණන් වැඩි වෙලාවට ගන්නවා යන ක්‍රමවේදය තුළ බොරු දත්ත කේන්ද්‍රීය තර්කයක් ඉදිරිපත් කරන්න උත්සාහ දරන බවත් සූර්ය බලශක්ති විශේෂඥයන් මේ තර්ක බොරු බවට තර්කානුකූලව ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ ප්‍රතිපත්තිය නිසා රටට රු. බි. 25ක් පාඩුයි

සූර්ය බලශක්තිය ප්‍රසාරණය වීම තුළ වරප්‍රසාද නොලත් ව්‍යවසායකයන්ට හානියක් සිදුවන බව පැවසුවත් දළ වශයෙන් මෙගවොට් 2500ක් සූර්ය බලශක්තියෙන් නිපදවීම නිසා රු. බි. 25ක් නිපදවන කර්මාන්තයක් නෙක්මීටරින් නෙක් එකවුන්ටින් ඉවත් කර නෙට් ප්ලස් ක්‍රමවේදය භාවිත කිරීමෙන් රජය විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

READ:   ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් "ජාතික ගොවි පවුර" ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

සූර්ය බල ශක්ති ජාතික ඉලක්කයවත් තවම සපුරා නැහැ

රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ වහලුන් ලෙස කටයුතු කරමින් සූර්ය බලශක්තිය ජාතික ඉලක්ක සපුරා ගෙන ඇති බව පැවසුවත් වහල මත සවිකර ඇති සූර්ය බලශක්තිය වහලවල් දසලක්ෂයක ඉලක්කයක යා යුතුව තිබුණත් තවමත් 150000ක් පමණක් ආවරණය කර ඇති බවත් තවත් වහලවල් 850000ක් ඇති බවත් වත්මන් රජය මේ බලශක්ති වෙළෙදපොළේ කථිපයාධිකාරී වෙළෙදපොළක් නිර්මාණය කරන්න විවිධ බලවතුන් හා එකව කටයුතු කිරීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බලශක්ති ව්‍යවසායකයන් අතරමං කර ඇති බවත් රජය කළ යුත්තේ සූර්ය බලශක්තිය විනාශ කිරීම නොව සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන පද්ධතීන් නිශ්චිත නියමිත ස්ථානවල ස්ථාපිත කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන උපකරණවලට බදු සහන දිය යුතුයි

ගෘහයක් වහලක් තුළ ක්‍රියාත්මක සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න මේ උපකරණවලට ද බදු සහන දිය යුතු බවත් මේ වන විට කවුරු මොන දේ කිව්වත් සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාදීම අත්හිටුවා ඇති බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවල මේ රජය කියන්නේ බොරු බවත් ඉන්ධන බලශක්ති මාෆියාවට යට වී ඇති රජය දැන්වත් බොරු නොකියා සූර්ය බලශක්ති ව්‍යපෘති හා වහල මත ඇති කරන සූර්ය බලශක්තියට අනුමැතිය දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මේ ප්‍රතිපත්තිය නිසා බුද්ධි ගලනය පවා සිදුවිය හැකිය

තරුණයන් යෞවනය ගැන කතා කරන බවත් කුඩා පරිමාණ සෝලා ව්‍යාපාර කරන්නේ උගත් තරුණයන් බවත් රජයේ ප්‍රතිපත්ති නිසා මේ තරුණයන් අසරණ වී ඇති බවත් විශාල පිරිවැයක් දරා නිර්මාණය කළ මේ ව්‍යාපෘති කඩාකප්පල් වී ඇති බවත් රජයේ දුර්දාන්ත ප්‍රතිපත්තිය නිසා බුද්ධි ගලනය බරපතළ ලෙස ව්‍යාප්ත වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වත්මන් රජය යන්නේ හිටපු රජය ගිය පාරේමයි

මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියය ඒකාධිකාරයක් නොකර ජාතික පද්ධති ක්‍රියාකරු සේම විදුලි ජනන බෙදාහැරීමේ සමාගමටද ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වීමට අවස්ථාව දිය යුතු බවත් හිටපු රජය ඒකකයක් සඳහා රු. 37ක් ගෙවපු රු. 27ක් බවට අනීතිකව පත් කිරීමේ අඩිපාරේ යමින් මේ රජය රු. 27 රු. 20 දක්වාත් අඩු කළ බවත් මේ රජය කරන්නේ සූර්ය බලශක්තිය විනාශ කර මෙරට සහස්දනවි ව්‍යාපෘතියට සහාය දැක්වීමක් කරන බවත් යුගදනවි සොබාදනවි හා සහස්දනවි ආදිය කරන්නේ බොරු බවත් එකදු LNG යුනිට් එකක් කර නැති බවත් රජය ඩීසල් විදුලිය සඳහා සහය ලබා දෙන බවත් ඩීසල් විදුලි මාෆියාවට රජය යට වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

READ:   ලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..

සූර්ය බලශක්තිය විනාශ කර රජයේ ප්‍රතිපත්තිය නිසා ජනතාවගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය වෙලා

දැන්වත් මේ ගැටලුවට මැදිහත් වී මෙරට සූර්ය බලසංග්‍රාමය තුළ දහසකුත් බලාපොරොත්තු මැද මේ ව්‍යාපෘතිවලට ප්‍රවේශ වූ ව්‍යවසායකයන් අනාථ නොකර සූර්ය බලශක්තියට මුල්තැන දිය යුතු බවත් මොවුන්ගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පවා අනීතික තීන්දු තීරණ ගෙන ඇති බවත් මෙම දේශද්‍රෝහී රාජ්‍ය ද්‍රෝහී බලශක්ති මාෆියාව ඉවත් කර සූර්ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය විය යුතු බවත් 100% ඉලක්කය කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.-Copied from OL MC

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්