කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින් පවතින බැවින් අද(05) දින පෙරවරු 7.00 පැයට පමණ ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව මගින් අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර 130 ක පමණ සිඝ්‍රතාවයකින් කොත්මලා ඔයට නිදහස් කිරීම ආරම්භ කර ඇත.
එබැවින් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට හා පොල්ගොල්ල දක්වා ප්‍රදේශ වල පහත් බිම් ජලයෙන් යටවිමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව ඉතා දැඩි විමසිල්ලෙන් සිට ජිවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තවද ජලාශයට ලැබෙන ජල සිඝ්‍රතාවය අනුව ජලාශයෙන් නිදහස් කරන ජල සිඝ්‍රතාවයන් වෙනස් විය හැකි බවද දැනුම් දෙයි.
:දිනමිණ


