Saturday, July 25, 2026
Homeදේශීයබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස්හිදී බර්නඩින් ජයසිංහට "Inspirational Educator Award" සම්මානය පිරිනමයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස්හිදී බර්නඩින් ජයසිංහට “Inspirational Educator Award” සම්මානය පිරිනමයි

අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms. Bernadine Jayasinghe) මහත්මියට “Inspirational Educator Award” සම්මානය පිරිනමා තිබේ.

මෙම ගෞරවනීය සම්මානය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි UK Parliament හි House of Lords හි පැවති උත්සවයකදී ඇයට පිරිනමනු ලැබීය.

පුද්ගලයන්ගේ දැනුම, නායකත්ව හැකියාවන් සහ වෘත්තීය නිපුණතා වර්ධනය කරමින්, බොහෝ දෙනෙකුගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමට කළ කැපවීම ඇගයීමක් ලෙස මෙම සම්මානය පිරිනමා ඇති බව සඳහන් වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආදර්ශමත් නායකත්වයක් සහ සමාජයට වටිනා දායකත්වයක් ලබාදෙන වෘත්තිකයන් අගයමින් පිරිනමන මෙම සම්මානය, ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන විශේෂ ගෞරවයක් ලෙස සැලකේ.

බර්නඩින් ජයසිංහ මහත්මියට හිමි වූ මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවටද අභිමානයක් ගෙන දෙන ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

 Bernadine Jayasinghe has been honoured
Bernadine Jayasinghe has been honoured
READ:   උඳුවප් පුන් පොහෝය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්