Sunday, April 26, 2026
Homeදේශීයතරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නා වැඩ අරඹයි.

නීතිඥ සුපුන් විජේරත්න අද (03) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති / ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීම සිදු විය.

file

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය.
විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න, මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන් ම සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර ඇත. යෞවන සමාජ ව්‍යාපාරයත් , යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

file

ජාතික තරුණ සේවා සභාව තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පත් කරන බව ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා වැඩ භාරගැනීමෙන් පසු පැවසීය. ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් අමතමින් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ගේ හැකියාවන් එකතු කරගනිමින් තරුණ සේවා සභාව මෙරට තරුණයින්ගේ ප්‍රමුඛතම ආයතනය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එක්ව සිටියහ.

මාධ්‍ය අංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.

READ:   2022 වසරේ සංචාරකියින් පැමිණීමේ වර්ධනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්