Thursday, September 10, 2026
Homeක්‍රීඩාක්‍රිකට් ලොව අද්විතීය පන්දු රකින්නා ජොන්ටි රෝඩ්ස් යළිත් ලංකාවට

ක්‍රිකට් ලොව අද්විතීය පන්දු රකින්නා ජොන්ටි රෝඩ්ස් යළිත් ලංකාවට

ක්‍රිකට් ලොව අද්විතීය පන්දු රකින්නෙකු ලෙස සැලකෙන දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ තෙදින නිල සංචාරයක් සඳහා අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ හරහායි.

ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍යට පවසා තිබුණා.

කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද ජොන්ටි රෝඩ්ස් කටයුතු කළා.

READ:   ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්