Thursday, March 5, 2026
Homeදේශීයඅලුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද: අගමැති ආචාර්ය හරිනිම ද?

අලුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද: අගමැති ආචාර්ය හරිනිම ද?

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතයි.

අද පෙරවරු 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කැබිනට් ඇමතිවරුන් සමඟ නියෝජ්‍ය ඇමතිවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවන බවයි සඳහන් වන්නේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය උපරිම සංඛ්‍යාව 25 කට සීමා කිරීමටයි ජාතික ජන බලවේගය තීරණය කර ඇත්තේ.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ම එම ධුරයේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මහතා පසුගිය දා ප්‍රකාශ කළා.

READ:   රෝහිතට හොරා කිවුවාට මාලිමාවේ විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්