Friday, July 24, 2026
Homeදේශීයපක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ දී

පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ දී

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් (12) පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

පාර්ලිමේන්තු නිල ට්විටර් පිටුව ඒ බව නිවේදනය කර ඇත.

මේ අතර (11) පැවැත්වීමට තිබූ පක්ෂ නායක රැස්වීමට සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක සහභාගී නොවීම පිළිබඳව සභානායක කාර්යාලය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මාධ්‍ය නිවේදනය

“අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම හේතුවෙන්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන්, සභානායක හා ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා හා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී නොවන බව කථානායක තුමාට දන්වා සිටීමෙන් අනතුරුව එම Zoom සාකච්ඡාවට සහභාගී වී නොමැත.

එලෙසම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔවුන්ගේ නිවාස හා කාර්යාල වෙත සැලසිය යුතු ප්‍රමාණවත් ආරක්ෂාව කඩිනමින් ලබා දෙන ලෙසත් කථානායක තුමාට දන්වා යවා ඇත.”

READ:   මංගල ගැන හිටපු ජ‍නපතිනිය මුහුණු පොතේ තැබු සංවේදී සටහන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්