Tuesday, July 28, 2026
Homeදේශීයඅත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කෙරේ

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කෙරේ

ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා
කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර සිටිති. එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්