Sunday, April 19, 2026
Homeදේශීයරුසියාව කොවිඩ් -19 එන්නත නිෂ්පාදනය කිරීම අරඹයි

රුසියාව කොවිඩ් -19 එන්නත නිෂ්පාදනය කිරීම අරඹයි

කොවිඩ් -19 සඳහා රුසියානු එන්නත නිෂ්පාදන ක්‍රියාවලිය දියත් කර ඇති බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ඖෂධයේ නිල නාමය ‘ගැම්-කොවිඩ්-වක්’ ය.

මේවන විට රටවල් 20 කට අධික සංඛ්‍යාවක් මෙම ඖෂධය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව රුසියාව පවසයි.

රුසියාවේ සෞඛ්‍ය නියාමකයා විසින් මෙම එන්නත ජුනි සහ ජූලි මාසවල දෙවන අදියර අත්හදා බැලීමෙන් පසු ලියාපදිංචි කර තිබෙනවා.

ජාත්‍යන්තර විරෝධතාවය හමුවේ තුන්වන අදියර අත්හදා බැලීම නවතා දැමූ රුසියාව මෙම ඖෂධය අතිශයින්ම සාර්තක බව පවසයි.

කෙසේ වෙතත් ලොක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් රැසක් මෙම හදිසි තීරණය විවේචනය ලක් කරන අතර මෙම ඖෂධය භයානක විය හැකි බවට පවසනවා.

කෙසේ වෙතත් රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එන්නතේ ඇති විය හැකි සමහර ගැටළු සමනය කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම එන්නත 2021 ජනවාරි මාසයේදී සාමාන්‍ය ජනතාවට ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උපුටා ගැනීම russian today

READ:   වසරේ මුල් දින 6 දී පමණක් සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්. ගුවන් තොටට එන්නත්කරණ මධ්‍යස්ථානයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්