Saturday, August 1, 2026
Homeදේශීයසමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවේ දරුවාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවේ දරුවාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන දරුවෙකුට පහරදෙන සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී.

සැකකරු සමඟ පහරදීමට අනුබල දීමේ චෝදනාව මත අනෙක් කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්.

පහර කැමට ලක් වූ අවුරුදු 4 හමාරක් වයසැති දරුවා පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

READ:   කොළඹ 7 ත්‍රී රෝද රථයක් තුළ උල් ආයුධයකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගල මළ සිරුරක් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්