අද දින ඉතාලියේ වතිකාන් කාදිනල් ප්‍රියෙට්‍රෝ පැරලින් (Cardinal Secretary of State of Vatican City) උන්වහන්සේ සමග විශේෂ සාකච්ඡාවකට මා සහභාගී වූ අතර එම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලනිකමය සහ ආර්ථිකමය අර්බුදය පිළිබඳවත් වගේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවීමට නියමිත වූවද තවමත් එම ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු වී නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. මාගේ දින දෙකක මෙම වතිකානු සංචාරයේදී උන්වහන්සේව මුණ ගැසීමට විශේෂ හේතුව වනුයේ අනාගත රජයක් තුළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනසතු කරලීමටත් එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් වගේම අපක්ෂපාතී නිර්පාක්ෂික පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමත් වගේම රටේ තිබෙන නීති රාමුව තුළ නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම්දීමත් යන කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් උන්වහන්සේ සමග එහිදී සාකච්ඡා කෙරුණි. -වෛද්‍ය කාව්න්ද ජයවර්ධන
නවතම වීඩියෝ
-
සෝලා SET බිල් RESET - රටේ බලශක්තියේ තීරණාත්මක තත්ත්වය නි.ඇමති සීරුවට කියයි.
-
ඇත්තද මේ කතාව,මේකට විසඳුමක් නැද්ද ??- ගුරු විදුහල්පතිවරුන්ගේ ලොකු ප්‍රශ්නෙට අගමැතිනිය දුන්න උත්තරේ.
-
🚨"ලැජ්ජාවක් ඇතුවද ගියේ??,අපි ඕවා ප්‍රසිද්ධ කරන්න ගියේ නෑ."-රටම දැක්ක තට්ටු 5 අලුත් ගොඩනැගිල්ල ඇදේ.
-
🚨දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට කොටා පාර දුම්රිය හරස් මාර්ගය වැසේ.





