රඹුක්කන සිද්ධියේ දී තෙල් බවුසරයට ඇත්තටම ගිනි කියන්න ගියේ කවුද යන ප්‍රශ්නය මේ වනවිට මහත් ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා. මේ සිද්ධියේ සැබෑව සොයා ගැනීමටත් කුමන්ත්‍රණයක් තිබේ නම් එය සොයා ගැනීමටත් එය මහත් සේ ඉවහල් වනු ඇති. සැබෑ විරෝධතාකරුවන් ඊට ගිනි තිව්වාද නැත්තම් පිටස්තර පුද්ගලයෙකු පැමිණ විරෝධතාකරුවන්ගේ ගිණුමටඑය තැබීම සඳහා එසේ කළාද යන්න බරපතල ලෙස සාකච්ඡා විය යුතුයි.

ඔහුට පමණත් බවුසරය අසළට යාමට ඉඩ හැර පොලිසිය බලා සිටියේ ඇයි??. ඔහුට එසේ එහි යාමට තිබූ “හයිය” කුමක්ද??
ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් මුදා හළ, දුවන පිර්සකට වෙඩි තැබූ පොල්සිය, එක් අයෙකුට දිවි අහිමි කළ පොලිසිය, එසේ නම් බවුසරය ආරක්ෂා පකිරීමට අවශ්‍යම අවස්ථාවේ අහස දෙස බලා සිටියාද?? යන්න රඹුක්කන වැසියන් ප්‍රශ්න කරනවා.
මෙම පුද්ගලයා ඊයේ CID අත්අඩංගුවට ගත්තාද?
ඉදිරියේදී කුමක් සිදුවෙයිද? අද දවස තුළ කුමක් සිදුවෙයිද.
කෙසේ වෙතත් මොහු කනක හේරත් හා මහීපාල හේරත්ගේ ක්‍රියාකාරී ආධාරකරුවෙක් බව ප්‍රසිද්ධ කරුණක්.
අවධානයෙන් ඉන්න…


