Thursday, September 10, 2026
Homeදේශීයජැක්සන් ඇන්තනීගේ අද තත්වය ගැන සෝමරත්න දිසානායක කියයි

ජැක්සන් ඇන්තනීගේ අද තත්වය ගැන සෝමරත්න දිසානායක කියයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට සිදුවූ හදිසි අනතුර ශ්‍රී ලංකාවේ සමස්ත සිනමාවට සිදු වූ අනතුරක් බව ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසනවා.

ජැක්සන් ඇන්තනී මහතා හදිසි අනතුරකට ලක්ව මේ වන විට මාස හතකට ආසන්න කාලයක් ගතවී තිබුණද ඔහු තවමත් උපකරණ වල ආධාරයෙන් හුස්ම ගැනීම භීතියක් ඇතිවන කාරණයක් බව එතුමා සන්නිවේදීව ප්‍රකාශ කළා.

ජැක්සන් ඇන්තනී නැවත නැගිට පැමිණෙන තුරු මුලු රටක් බලා සිටින බවත් ඔහු ඉක්මනින් සුව වෙලා පැමිණීම තමන්ගේ එකම ප්‍රාර්ථනාව බවත් රූපවාහිනි වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් එතුමා ප්‍රකාශ කර සිටියා.

මීට මාස 6කට පමණ පෙර රූප ගත කිරීම් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී කැබ් රථයට වන අලියෙකු පහරදීම නිසා බරපතළ තුවාල ලබා ජැක්සන් ඇන්තනී මහතා ප්‍රතිකාර සඳහා යොමු කරණු ලැබුවා.

READ:   ජල ටැංකියකට වැටී වසරක් වයස දැරියක් මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්