Tuesday, July 21, 2026
Homeදේශීයවිදුලි බලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසම නඩු මඟට

විදුලි බලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසම නඩු මඟට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක නොකිරීම සහ ඊට අගෞරවය වන පරිදි අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් හට නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛන්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමට ඇතිකරගත් එකඟතාවට අනුව කටයුතු නොකිරීම සහ කොමිසමේ විධානය නොසලකා හැරිම මෙම නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා හේතු වී තිබෙනවා.

ඊට අදාළ වෙත යොමු කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

READ:   BREAKING - වසන්ත මුදලිගේ නිදහස් කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්