Sunday, June 14, 2026
Homeදේශීයප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ඊයේ (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1931 වසරේ අප්‍රේල් 29 වනදා උපත ලද ප්‍රේමරත්න මහතා මියයන විට 94 වක වියෙහි පසුවුණා.

මියුරු ගී තනු රාසියක් සංගීත කේෂ්ත්‍රයට දායද කළ ප්‍රේමරත්න මහතා 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නට්‍ය හරහා සංගීත කේෂ්ත්‍රයට පිවිසි අතර හුණුවටයේ කතාව, කෝන්තරේ, මන්ත්‍රී හාමුදුරුවෝ, හොටබරි යුද්දේ , තහංචි, කුවේණි වැනි වේදිකා නට්‍ය ගණනාවක් සංගීතයෙන් රසවත් කළේ ප්‍රේමරත්න මහතා විසින්.

අභාවප්‍රාප්ත සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

READ:   ලසන්ත මරුව හැට් හෙලිකරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්