Wednesday, March 26, 2025
Homeවිදේශීයඅමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් හිටපු ජනපති ට්‍රම්ප් වරදකරු වෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාව තීන්දු කර තිබෙනවා.

ඒ ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළවයි.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ මැන්හැටන් අපරාධ අධිකරණයේදී සාක්ෂිකරුවන් 22ක් ඉදිරිපත් කළ සාක්ෂී සලකාබලමින් මෙම නඩු විභාගය සති 6ක කාලයක් පුරා විභාගයට ගෙන තිබෙනවා.

ඊට එක්වූ ජූරි සභාවේ සභිකයින් 12 දෙනා දින දෙකක කලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකමතිකම තීන්දු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අදාළ චෝදනා 34ටම වරදකරු වන බවයි.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්