Sunday, June 14, 2026
Homeදේශීයත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට

ත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට

ත්‍රී රෝද රථයක් සොරකම් කළ 15 හැවිරිදි පිරිමි දරුවකු එගොඩ උයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරාගත් ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී ඔහු මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මේ අතර ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක් හුමුවූ බව පොලිසිය සඳහන් කළා.

ත්‍රී රෝද රථය සොරාගත් එම පුද්ගලයා තවත් සොරකම් රැසකට සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.

READ:   පොලිස් වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්