Wednesday, September 16, 2026
Homeදේශීයහම්බේගමුවේ වෙඩි පත්තුවෙයි

හම්බේගමුවේ වෙඩි පත්තුවෙයි

හම්බේගමුව සීනුග්ගල ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉල්ලක කර ගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 24ක් සහ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු යි.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හම්බේගමුව සහ ඇඹිලිපිටිය රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු සහ ඔහුගේ ඥාතී සොහොයුරන් ඇතුළු පිරිසක් සාදයක් පවත්වමින් සිට තිබෙනවා.

READ:   තෝරූ මෝරූ අල්ලන් නෑනේ.. ජනතාව පොලිසියට නගන චෝදනාවට දේශබන්දු ගෙන් පිළිතුරු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්