Tuesday, July 28, 2026
Homeදේශීයඅලුත් අවුරුදු උදාව අද

අලුත් අවුරුදු උදාව අද

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතින් සිදු වෙනවා.

අවුරුදු නැකත් පත්‍රයට අනුව අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා යෙදී ඇත්තේ පුණ්‍ය කාලය යි.

එ නිසා අපරභාග 2.41 ට පෙර ආහාර පාන අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනිවී බව නැකත් පත්‍රයේ සඳහන් වෙනවා.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද රාත්‍රී 11.06 ට යෙදෙන සුබ මොහොතින්.

නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා තල් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගත යුතු බව සඳහන් වෙනවා.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීම මධ්‍යම රාත්‍රී 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතුයි.

READ:   කාලගුණය වෙනස් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්